පෙම්වතුන්ගේ දිනය
14 Feb 2011 1 Comment
in Uncategorized Tags: කාංචනා kanchana'batuwangala
පෙම්වතුන්ගේ දිනය අද බව ඔයාල දන්නවානේද? අද පෙමිවතුන්ගේ දිනය ලෙස කිදෙනෙකු සමරනවා ඇති ද
? තම උපන් මව්බ්මේ ප්‍රධන පෝයන්ට පන්සලකටවත් යන්නේ නැති අපේ කොල්ලේ කෙල්ලේ බටහිර පන්නෙට එන පෙම්වතුන්ගේ දිනය සමරයි. පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන්ට වඩා එදිනට සතුටු වන්නේවෙළන්දෝ නේද? පෙම්වතුන්ගේ දිනය ඔහුන්ට වැදගත් වන්නේ වෙළදාමට නේද?
සැමදා සැමවිට තම දරුවා එදා දුටු පුංච් දු පුතා අද දින පෙම්වතුන්ගේ දිනය සමරයි.එදා දුටු පුංචි දුව අද පෙම්වතුන්ගේ දිනය සමරන්නට ගොස් සමහරවිට අද පෙම්වතාගේ අතින් ගැහැනියක් විය හැක.
සෑබැ ආදරවන්තයින්ට සැමදා ආදරවන්තයින්ගේ දිනයකි.ගෞරවය,ආරක්ෂාව,සතුට,උපකාර කිරිම මත සැමදා සැබැ ආදරය පවති. ප්ලාස්ටික් රෝසමල් හෝ චොක්ලට් දි ආදරවන්තයින්ගේ දිනය සමරයි සුදුසු නැත.සැබෑ ආදරය සැමරිය හැක්කේ සිප වැලද ගැනිමකින් නොවේ.සැබෑ ආදරය සැමරිය හැක්කේ සැබැ ලෙස ආදරය කිරිමෙන් පමණි.
මළ ගෙදර
03 Feb 2011 Leave a Comment
හිතලයි
නිදිමතයි
අද දිනට
හත් දිනයි
පාළුවයි
තනිකමයි
මතක බණ
නිදිකරයි
සුදුවයි
මීවීතයි
මළගමේ
රජ කරයි
කාළයයි
ආලයයි
පෙම්වතුන් එක්කරයි
උපුටා ගැනිම
අසිම්ත ආදරේ කතාපොත
සංසාරේ
10 Nov 2010 Leave a Comment
in Uncategorized Tags: කාංචනා වඩුගේ, බටුවංගල, ශ්‍රී ලංකා හමුදාව
සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනිසේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි
හිමි නොවන ජිවිතේ 06
29 Jul 2010 Leave a Comment
in කතා පොත Tags: කාංචනා වඩුගේ, නෙළුව, බටුවංගම, බටුවංගල
ආයෙමත් මං කතාව ලියනවා.මේ දවස් ටිකේ ලියන්න බැරි වුණාට sory වෙන්න ඔනි.අද ඉතිං කතාවේ අන්තිම කොටස තමයි මං ලියන්නේ.
අද ඉරිදා කම්මැලි කමින් වුණත් මට පංති යන්න වෙනවා.මං ඉක්මනට ලැස්ති වුනේ පංති යන්න.
මං පංති යන්න ලැස්ති වි ගෙදරින් පිටවෙන කොට අම්මා ඇහුවා ගෙදර එන්නේ කියටද කියලා.
පංති ඇරෙන්නේ 12.00ට මං ගෙදර එනකොට 12.30විතර වේවි.මං යනවා අම්මේ කියා මං ගෙදර ගියා.
දිනිති සහ ගීත් වෙනදා අපි හමුවෙන් තැන හිටියා.
මං පරක්කුද දිනිති මං දිනිති ගෙන් ඇහුවාද දිනිති මට උත්තර දුන්නේ නැ.
අපි කවුරුත් එක්ක කතා කරන්නේ නැති වුනාට කමක් නැ එත් ඔයාට කවදා හරි අපිත් එක්ක කතා කරන්න වේවි අද නැත්නම් කවදා හරි දිනිති හරිද.මං දිනිතිට කිවුවාද දිනිති ගනන් ගත්තේ නෑ
මං හිමින් සැරේ ගිත්ගෙන් ඇසුවේ එයා එක්ක දිනිති කතා කරාද කියලා දැන ගන්න.
ගිත් ඔයා එක්ක දිනිති කතා කරාද මං දිනිති ගෙන් ඇහුවා.
අනේ කවුද දන්නේ එයාට මොනවා වෙලාද කියලා.කසුන් අයියා කියන්න ඇති අපිත් එක්ක කතා කරන්න එපා කියලා.
අපි කතා කරන් එක අහගෙන හිටපු දිනිති අපිට සැරේ කිවුවා මට ඔනිනම් මං කතා කරනවා ඇයි ඔයා මොනවා කරන්නද.
අපි කතාව පිට වෙනදා කෑම ගන්න කඩේ ගාවට අවේය.අපි තුන් දෙනාම කඩේ ඇතුලට ගියේ කෑම අරන් පංතියට යන්න.
එක පාරටම දිනිති අංජනා කියමින් මගේ අතේ එල්ලුනේය.මං බයවි දිනිති බලන් ඉන්න දිහා බැලුවේය. ගිත්ද එ දෙසම බලන් ඉන්නවා.මං හැරි බලන විට කසුන් අයියා වාසනා අක්කාගේ අතින් අල්ල ගෙන ඉන්නවා.දිනිතිට කරන්නට දෙයක් ඉතිරි නොවිය.
කෑම ගන්න එක පැත්තකින් තියලා අපි තුන් දෙනා කඩේන් එලියට අවා.
දිනිතිගේ ඇස්වල කදුළු පිරිලා
දිනිති අපි ඔයාට ඔය ටික කිවුවනේ ඔයා දැන්වත් එක පිලිගන්නවා නේද?ගිත් දිනිතිගෙන් ඇසුවාය.
ඔව් ගිත් මං ඔයාලා කියපු වේලාවෙ පිලිගත්තේ නැනේ මං හිත්වෙ ඔයාලා බොරු කියනවා කියලා මං දැන් මොනවද කරන්නේ.මං හිතුවා හැමදාටම මට කසුන් අයියා ලැබේවි කියලා.එයා මොනවා කරත් මං ඔයාට තම ආදරේයි.
දිනිති දුකේන් හරි ඔයා හිත හදාගන්න දිනිති
මේ අපිට පංතියට යන්න පරක්කු වෙනවා.අපියමු මං කිවේය.
අනේ ගිත් අංජනා මට සමාවෙන්න මං ඔයාලා සැක කරාට .
එත් මං කසුන් අයියා මට කරපු දේට මං පලිගන්නවා.
අනේ මේ විකාර කරන්න එපා.
එයාට හොදනම් අපිට මොකද වෙන්නේ.මේ සිද්ධිය අපිදෙන්නා විතරයිනේ දන්නේ අපි කිසිම දෙයක් වුනේ නැති ගානට ඉදිමු.අනික කසුන් අයියා දන්නේ නැනේ ඔයා එක දැක්කා කියලා.
දිනිති හිතේ දුක දරාගෙන පංතියට ගියාට දිනිති කියන විදියට එයාට හිත හදාගන්න කල් යාවි නේද අංජනා ගිත් මගෙන් ඇසුවේය.
මොනවා කරන්නද ගිත් අපි කියුවනේ ඔය ටික වෙන්න කලින් දැන් ඉතිං එයාගේ හිත හදන්න අපි උදව් කරමු.
හිමි නොවන ජිවිතේ 05
08 Jul 2010 3 Comments
in කතා පොත Tags: කාංචනා, kanchana of batuwangala e villag
අද විද්‍යාව මිස් නෑ.කියලා චතුනි ඇවිත් පංතියට කිව්වා.
මරුම තමයි මං හයියෙන්නම කැ ගැහුවා.
අංජනා අනිත් පංතිවල උගනන්න ඔනි.වඩි වෙනවා කට වාහගෙන.එහා පංතියේ හිටපු මිස් කැගැහුවේය.
මං පංතියේ පිටි පස්සේ පෙලියට ගිහින් වාඩි වුනා.
මං පස්සේ පෙලියේ වඩිවේලා යළුවන් එක්ක කතා කර කර ඉන්න කොට එක පාරට මං ගාවට කොළ ගුලියක් ආවා.
කවුද අනේ මේ කියලා
මං කොළය දිග ඇරලා බැලුවා.එකේ තිබුණු අකුරු ගීත්ගේ ” මොනවද අර දිනිති දාගෙන ලියන්නේ කියලා” මං එතකොට දන්නේ එයා කලබලේට මෙනවාද ලියනවා.මං දිනිති ගාවට ගියා.
මොනවද ඔයා ලියන්නේ කියලා මං ඇහුවා.
කසුන් අයියාට ලියුමක්.ඇයි අහන්නේදිනිති මගෙන් ඇහුවේය.
ඔයාට අපි කිව්වා නේද?
එයාගේ විස්තර.එයා වාසනා කියලා කෙනෙක් එක්ක යාලුයි.ඔයාට කියන්නේ බොරු තේරුම් ගන්න.
මේ අංජනා මට කාතාන්දර කියන්න එපා හරිද?කසුන් අයියා වාසනා එක්ක යාලු නම් මට ආදරේ කරයිද?
දිනිති ආදරේ දේවාලයක් වුනාට දේවාලෙට වඩින හැමෝම දෙවියන් නෙවේයි නේද?
ඔයා බණ කියන්න මං පිලි පදින්නෑ.ඔයාල කියන්නේ බොරු හරිද?
ඒ කියන්නේ ඔයාට අපිට වඩා කසුන් අයියා විශ්වාසයි නේද?
ඔව්.ඔයාල කියන්නේ බොරැ නේද? දිනිති එහෙම කිවේය.
හරි ඔයා කසුන් අයියා විශ්වාස කරලා බලන්න අපි දැන් හොද යාලුවෝ නොමේයි නේද?
මං දිනිති හිටිය තැනින් නැගිට ගියේ ඉරිදා පංති එන්න කියාය.
හිමි නොවන ජිවිතේ 04
03 Jul 2010 4 Comments
in කතා පොත Tags: කාංචනා, kanchana of batuwangala
අංජනා good morning ඊයේ හරිම සතුටුයි මට නම් අපේ house පළමු තැනට අපු එකට දිනිති කිවේය.
මටත් එහෙමමයි අවුරුදු දෙකකට පස්සේ අපිට අයේ පළමු තැන හම්බ වුනානේ.මට මාර සතුටුයි දිනිති.
morning දෙන්නටම මොනද කතා කරන්නේ අපිට ගස්සන්නද?
ගීත් ඇසුවේය.
මේ අපිට කාටවත් ගස්සන ඔනි නැ.දිනිති කිවේය.
* * * *
අක්කේ මට කියනවාද දිනිති කියන්නේ කවුද කියලා?
අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙකු ඇවිත් මගෙන් අහුවේය .
මං දිනිති ඇයි?දිනිති ඇසුවේය.
අක්කේ ඔයාට මේක දෙන්න කියලා කියුවා.කසුන් අයියා. දිනිති පැනපු ගමන් මල්ලි අත තිබුණු ලියුම උදුරා ගත්තේය.
මං හිතුවා හරි.කසුන් අයියා මට කැමති.
අංජනා මොනවද මං කරන්නේ.මට නම් හරිම සතුටුයි.
ගීත් ඇස් ලොකු කර දිනිති අත වු ලියුම බැලුවේය.
අපි යමු පංතියට මං දිනිතිටත් ගීත්ටත් කිවේය.
* * * *
අංජනා චුට්ටක් එන්න ගිත් මට කතා කලේය.
ඇයි ගීත්.
දිනිති කසුන් අයියාට කැමතිද?ගීත් මගෙන් ඇසුවේය.
දන්නේ නැ ගීත්.මං ගිත්ට කිවේය.
කසුන් අයියාට කැමති වෙන්න එපා කියන්න.එයා වාසනා කියලා කෙනේක් එක්ක යාලුයි.
දිනිති අපි දැන දැන අමාරුවේ වැටේවි.
මොනද මේ දෙන්න එක්ක කතා කරන්නේ.අපි තුන් දෙනා අතර රහස් නැ නේද?මොනවද ඔය දෙන්නා කතා කරේ.දිනිති අපේන් ඇසුවේය.
යාලුකම තමයි තියේන ප්‍රශ්ණේ.ගිත් කිවේය.
ඇයි මොකක්ද ප්‍රශ්ණේ දිනිති ඇසුවේය.
දිනිති ඔයා කසුන් අයියට කැමතිද?එයා ඔයාට ගැලපෙන්නේ නැ.එයා ඔයාට බොරු කරන්නේ.අනික කසුන් අයියා හොද නැ දිනිති.ගීත් කිවේය
ඇති ගීත් ඔයා තව මොනවාත්ම කියන්න ඔනි නැ.මට
මං දන්නවා ඔයා වෙන්න ඔනි මොනවද කියලා
දිනිති මං ඇදගෙන පංතියට අවේය.
ගීත් ඇසුවේය.
* * * *
අක්කේ මට කියනවාද දිනිති කියන්නේ කවුද කියලා?
අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙකු ඇවිත් මගෙන් අහුවේය .
අක්කේ ඔයාට මේක දෙන්න කියලා කියුවා.කසුන් අයියා. දිනිති පැනපු ගමන් මල්ලි අත තිබුණු ලියුම උදුරා ගත්තේය.
අංජනා මොනවද මං කරන්නේ.මට නම් හරිම සතුටුයි.
දන්නේ නැ ගීත්.මං ගිත්ට කිවේය.
ඇයි මොකක්ද ප්‍රශ්ණේ දිනිති ඇසුවේය.
මං දන්නවා ඔයා වෙන්න ඔනි මොනවද කියලා
හිමි නොවන ජිවිතේ 03
26 Jun 2010 2 Comments
in කතා පොත Tags: කාංචනා, kanchana of batuwangala e villag
මං හා දිනිතිද house පැත්තට ගියේය.ගීත්ද house සිටියේය.අංජනා සුභ ආරංචියක් කියන්න තියේනවා.
මොකක්ද ගීත්?
අපේ house හොදම house තේරිලා.මරුනේ.දිතිනි දන්න පහක් සතුටටත් එක්කම මං කියුවේය.
ගීත් කෝ කසුන් අයියා.දිනිති ගීත්ගෙන් ඇසුවේය.උදේ දැක්කට පස්සේ දැක්කේ නැ දිනිති.
* * * * *
අර එන්නේ කසුන් අයියා දිනිති සතුටින් කිවේය.
කසුන් අයියේ කියන්න සුභ ආරංචියක් තියෙනවා ගීත් කියුවේය.
මටත් මල්ලිට තැග්ගක් දෙන්න තියෙනවා.මට කරන උදව් වලට
යමුකෝ ඔයාලගේ පංතිය පැත්තට.කසුන් අයියා සහ ගිත් අපේ පංතිය පැත්තට ගියේය.
අවා විතරයි කසුන් අයියා ඇදගෙන ගීත් ගියානේ.දිනිති තරහයින් කිවේය.
අංජනා ඔයා හිමින් ගිහින් බලන්න කසුන් අයියා මොනවද කරන්නේ කියලා. හරි දිනිති මං ගිහිනි එන්නම්.
මටත් උවමනාව තිබුණේ කසුන් අයියා ගීත්ව අපේ පංතිය පැත්තට එක්කගෙන ගියේ ඇයි කියලා බලන්න යන්නය.
* * * *
මේ ගීත් තමුසේ උඩ පනිනවා වැඩි හරිද?මගේ වැඩේ කරන්න දුන්නේ නැත්තම් මං බලා ගන්නම්.කසුන් අයියා ගීත්ට කිවේය.
ඇයි ඉඩ දුන්නේ නැත්තම් මොනවා කරන්නද?තමුසේ මට.ගීත් කසුන් අයියා ගෙන් ඇසුවේය.
කරනදෙ මං කරන්නේ උබට තවත් මේ ඉස්කෝලේ එන්න බැරි වෙන්න.එන්න ඔනිනම් උබේ ඔය කට පරිස්සම් කරගන්නවේ.කසුන් අයියා ගීත්ට කිවේය.
කසුන් අයියේ නවත්තන්න.ඔයාලා දෙන්නා රණ්ඩුවේන් එපා.මං දෙන්නාගෙ රණ්ඩුව නැවැත්තුවේය.
අංජනා ගීත්ට කියන්න ඔනි නැති දෙවල් හොයන් එපා කියලා කසුන් අයියා කිවේය.
ගීත් මෙහේ එන්න මං ගීත් ඇදගෙන ආවේය.මොනවාද වුනේ ගීත් ඔයාල දෙන්නට රණ්ඩු වෙන්න.මං ගිත් ගෙන් ඇසුවේය.
දිනිතිට කතා කරන්න එපා කියුවේ මං කියලා එයා හිතන් ඉන්නේ.මං එක්ක කසුන් අයියා රණ්ඩුවට ආවා.මං කතා කරන්න එපා කියුවේ ඔයාට විතරයි.කසුන් අයියා බය වෙලා මං එයාගේ විස්තර දිනිතිට කියායි කියලා.
අපි යමු ගීත් house එකට.මං ගිත් එක්ක house පැත්තට ගියේය.house ඇතුලේ කසුන් අයියා සහ දිනිති කතා කරමින් සිටියේය.
දිනිති මං හා ගීත් දැක ඉක්මනට අපි සිටිය තැනට ආවේය.
ගිත් දිනිති මග හැර house එළියට ගියේය
හිමි නොවන ජිවිතේ 02
22 Jun 2010 7 Comments
in කතා පොත Tags: කාංචනා, kanchana waduge. Batuwangala e-village.
අංජනා ඔයා අද band පුරුදුවෙන්න යන්නේ නැද්ද?ගීත් මගෙන් ඇහුවේය.නෑ අද උදේ band පුරුදු කරනවා කියුවා. තාම මිස් නැනේ.
යමුද අපි house පැත්තේ දැන්නම් කසුන් අයියලා house හදලා ඉවර ඇති අපි ගිහින් බලමු.දිනිති අපිට ආරධනා කලාය.
අනේ මේ දිනිති ඔයාලා යන්න මං එන්නේ නැ.
අපෝ මෙන්න කසුන් අයියාගේ කටට ඔයා බය වේලානේ අංජනා.
අනේ මං බය ඇත්තේ නැ අනික රණ්ඩු වුනේ ඔයාලා දෙන්නා මං මොකටද බය වෙන්නේ.
* * * * *
අපි house පැත්තට ගියේය.අනිත් house වලට කලින් අපේ house හදලා ඉවරයි.අපිට දැණුනේ මාර සතුටක් අපිට කරන්න කිසි වැඩක් නැ.house තනිකරම හැදුවේ අදි ශිෂ්‍ය සංගමේ අයියලා අක්කලා.
* * * * * *
දැන් උත්සවේ පටන් අරන් ගොඩක් වේලා කොහොද ඔයාලා හිටියේ කසුන් අයියා අපේන් ඇසුවේය.අපි හිටියේ සංගිත කාමරේ දිනිති උත්තර දුන්නේය.
දිනිති ඔයාට දිපානි මිස් කතා කරනවා.ගීත් ඇවිත් දිනිතිට කියලා ගියේය.දිනිති මිස් හමුවෙන්න ගිය නිසා මං තනිවිය.
නංගි මං ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නම් ඔයා මට ඇත්ත කියන්න ඔනි.
දිනිති කවුරු හරි එක්ක සම්බන්ධයක් තියෙනවා ද?
මං දන්න විදියට නැ කසුන් අයියේ.
අංජනා චුට්ටක් එනවාද? ගිත් මට කතා කලේය.
ඇයි ගීත්
ඔයා අද විතරක් ඉස්කෝලේට පිටින් එන පිරිමි ළමයි එක්ක කතා කරන්න එපා.මොකද විනය භාර මිස් දැක්කොත් ඔයාගේ කාඩ් එක කුඩු තමයි.එත් ගීත් එයාලා කතා කරන කොට මට කතා නොකර ඉන්න පුළුවන්ද? ඔයා house හිටියොත්නේ කතා කරන්නේ ඔයත් දිනිති වගේ නැටුම් කාමරේට වේලා ඉන්න.මං කැමති නැ අපේ යාළුවෝ අපි දැන දැන වලේ වැටෙනවාට.
හරි ගීත් මං යන්නම්
අංජනා නංගි චුට්ටක් එනවාද?
කසුන් අයියේ මට නැටුම් මිස් කතා කරලා මං ගිහින් එන්නම්
මං එතනින් පැන ගත්තේය.
* * * *
දිනිති හා මං නැටුම් කාමරේන් එළියට ආවා විතරය කසුන් අයියා අපේ ගාව විය.දිනිති නංගි මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?
කසුන් අයියේ අපිට පොඩි වැඩ වගයක් තියෙනවා.අපි ගිහින් එන්නම්.
කසුන් අයියා දිනිතිගේ අතින් අල්ලා දිනිති නවත්ත ගත්තේය.මං දන්නවා ඔයාට කතා කරන්න එපා කියුවේ අර ගීත් නේද?මං බලා ගන්නම් ඌ ගැන.කසුන් අයියා දිනිතිගේ අත අතහැර ගීත් හොයා ගියේය.
හිමි නොවන ජිවිතේ 01
22 Jun 2010 2 Comments
in කතා පොත Tags: කාංචනා, kanchana of batuwangala e villag
අංජනා ඇයි අවේ නැත්තේ ඊයේ.දිනිති මං නැගිටින කොට උදේ ඉස්කෝලේ එන්න වේලාවක් තිබුණේ නෑ. එ නිසා එන්න බැරි වුණේ.
දන්නවාද අද ඉදලා උදේට band පුරුදු කරනවා කියලා ඊයේ මට චතුනි කිව්වා.ඔයා දන්නේ නැද්ද? නැනේ මං ගිහින් බලලා එන්නමි දිනිති.නැත්තමි උදේම මිස් බණිවි.
* * * * *
good morning මිස් ඇයි අංජනා ඊයේ ආවේ නැත්තේ?ඉක්මනට ගිහින් instruments අරගෙන පුරුදු වෙන්න.තව ටික දවසයි අපිට තියෙන්නේ.
මං instruments අරගෙන පුරුදු විය.විනාඩි 20 පමණ පාසල් ආරම්භක සිනුව නාද විය.මා instruments පැත්තකින් තබා ආගම සිහිකර මාගේ instruments අල්මාරියට දමා, මා පංතියට ගියේය.පංතියේ මාගේ යාළුවන් කවුරුත් ඇවිත් සිටියි.
මේ අපි යමුද අපේ house හදන පැත්තට.දිනිති ඇසුවේය.අදිශිෂ්‍ය සංගමේ අයියලා අක්කලා හදනවානේ අපි මොනවටද යන්නේ අපි යමු.දිනිති මා ඇදගෙන ගියේය.
ආ…නංගි ඇයි මේ පැත්තේ.
කසුන් අයියා අපි දෙන්නා ගෙන් ඇසුවේය.
එන්න හොද නැද්ද?අපි එන්න එයා ගෙන් අවසර ගන්න ඔනිද?
නැනේ නංගියෝ කසුන් අයියා කියුවේය.
එහෙනම් ඇහුවේ.පාඩුවේ වැඩක් කරනවා.ඔනි නැති දෙවල් හොයන්නේ නැතුව දිනිති ගත් කටටම කසුන් අයියාට කිවේය.
මේ නංගි තමුසේගෙ කට වැඩි හරිද?ඇයි ඔයා එකට මොනවා කරන්නද?අපි බලාගමු පස්සේ කසුන් අයියා කිවේය.
මුදල් සහ ඔබේ අපේ ජිවිතය
10 Jun 2010 Leave a Comment
in Uncategorized Tags: කාංචනා, kanchana waduge. Batuwangala e-village.
ආදරය, දයාව. සෙනෙහස අනිකාගේ දුක දැනෙන මානව වාදි ගුණධර්ම තරගකාරි සුලගට හසුවි හමාරය ඔබ අප සියලු දෙනා තරගකාරි රේස් එකක තරගකරුවන්ය බලන්න ඔබ මා මේ කවුරුත් අභිබවා කොහේද දුවන්නේ කියලා
මවගේ කිරෙන් හා හිරුගෙ රශ්මියෙන් ලොව නිර්මාණය වි ඇත් බව කියා පාන්නෙ මැක්සිම් ගෝර්කි නම් ලේඛකයාය මානවයාගේ පරිණාමය ආරම්භ වුදා සිට අදවන විට කාර්මික ධනපංතියෙ ඉහලටම සමාජය ගමන් කොට ඇත සියල්ල තිරණය වන්නෙ මුදල්මත නේද නෑකම් හිතවත් කම් තිරණය වන්නෙ මුදල්මත නේද පන්සලේ හාමුදුරුවන්ගේ දේවාල වල දෙවියන්ගේ බැල්මද මුදලට තිරනය වි හමාරය පන්සලට ආධාර කරන මුදල හෝ දේවල් වලට දෙන පුජා වටිටියේ ඇති මුදල් මත අපිට ලැබෙන ආශිර්වාදය තිරනය වි හමාරය සියලු දේ තිරනය වන්නෙ මුදල් මත නම් මුදල් නොමැත් දුප්පතුන් මොනව කරන්නද?
කන්න, අදින්න ව්ධියක් නැතුව කිදෙනෙක් ඉන්නවද? ධනපතියන්ගෙ වාහන වලින් අවුස්සන දුවිලිකාගෙන හොටු පෙරාගෙන ඇදුම් කඩමලු ඇදගෙනදුව ඇවිධින පුංචි එවුන්ගෙ හෙට දවස කොහොමද ?
ඒ ලමයින්ගෙ ඉපදිමේ වැරැද්දද නැතිනම් ඉපදිමට උරදුන් අම්මාගෙ බඩේ වැරැද්දද නැතිනම් තමා නිර්මාණ යකල පියාගෙ වැරැද්දද නැත එය මේ සමාජයේ වැරැද්දක් නේද
දුප්පතුන් දරුවන් ජිවත් කරන්න නොයෙක් දේ කරයි වැඩ පලේදි කමිකරුවා ධනපතියාගෙ ආහාරය වි හමාරය. මහන්සියට සරිලන මුදලක් නොලැබේ ඒ මුදලින් තම පවුල නඩත්තු කල නොහැක හැම දේටම මුදල් අවශ්‍යය බැවින් තම දරුවන් ගගට දමන්නේ ඇයි එය ඔවුන්ගෙ වරදක්ද නොව අසාධාරණ කමේ වරදකි ආදායම සමානව බෙදි යන ආර්ථිකයක් තිබේ නම් තම දරුවන් ගගට දමන්නේද නැත. දුක් විධින ජනතාව හැමදාම දුකේ මිස දුකෙන් මිදෙන්නේද නැත. දුක විධිමින් මියන ජනතාවගේ දරුවන්ට මේ දුක උරුම කිරිමටයි මේ සැරසෙන්නේ.










