පරිගනකය

පරිගනකයක් යනු  උපකරණ කිහිපයක එකතුවකි. මේවා වෙනම නිශ්පාදනය කර පසුව එකතුකර විට එක් අවශ්‍යතාවයක් සපුරාලීමට එකට ක්‍රියා කරයි. මේ අනුව පරිගනකයක් යනු තනි උපකරණයක් ලෙස සැලකිය නොහැක.

මෙම උපකරණ අතුරෙන් සමහරක් පරිගනකයට දත්ත ඇතුලත් කිරීමට  හා පිටතට ගෙන යැමයොදා ගැනේ.මේවා ආදාන ඒකක සහ ප්‍රතිදාන ඒකක ලෙස හඳුන්වයි.යතුරු පුවරුව (key board), මවුසය(Mouse), කැමරාව(Camera/webCam), මයික්‍රෆෝනය (Microphone)

මේ අතර තවත් සමහර උපකරණ පරිගනකය තුල දත්ත ගබඩා කර තැබීමටත්මීට අමතරව තවත් නොයෙක් ආකාරයේ උපකරණ පරිගනක පද්ධති සඳහා නිර්මානය කෙරුනද මේ සියල්ලටම සමාන්‍ය ව්‍යවහාර කරනු ලබන්නේ ආදාන/ප්‍රතිදාන ඒකක ලෙසය(I/O Devices)

නවීන උසස් මට්ටමේ පරිගනක භාෂා භාවිතා කරන විට මේ ආදාන ප්‍රතිදාන ඒකක ගැන විශාල දැනුමක් අවශ්‍ය නොවුනද ඒවාගේ ක්‍රියාකාරීත්වය ගැන මූලික දැනුමක් තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් විය හැක.

උසස් මට්ටමේ පරිගනක භාෂා භාවිතා කිරීමේදී මෙම ආදාන ප්‍රතිදාන ඒකක සමඟ Computerගනුදෙනු කිරීමට ඉඩ නොදෙන අතර එසේ කිරීම ඉතාමත් ප්‍රවේශමෙන් කල යුතු.

සබරගමුවේ වැදි ජනාවාස

ප්‍රාග් එතිහාසික මානව තොරතුරු අනුව ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ පදනම වැටුණේ ගංගා නිම්න ආශ්‍රිතව ක්‍රි.පු. 543 දී විජයාගමනයෙන් පසු නොව ප්‍රාග් මානවයා හෙවත් බලන්ගොඩ මානවයා වශයෙන් අර්ථකථනය කර ඇති අපේ ආදිවාසී ජන කොටස්‌ වූ යක්‌ෂ, රාක්‌ෂ නාග හා දේව යන ජන කොටස්‌වල එකතුවෙනි. වර්තමාන ආදිවාසී වැදි ජනතාව යක්‌ෂයන් කන්දේ යකා බිළිඳි යකා බමුර යකා මල් දම්පහ යකා, හෙලම්ඹුගල යකා, ලේපත් යකා, ගල යක්‌ෂයෝ මල් වඩම් රක්‌ෂ, කුවේණි යක්‌ෂණි කිරිපත් නාච්චිල ගල්කිරි නාච්චිල ලේපත් නාච්චිල, හම්බ කුමාරිල,) හා දේවියන් (සුමන සමන් දේවියෝ කළු බණ්‌ඩාර දේවියෝ, ඉරුගල් බණ්‌ඩාර දේවියෝ, සඳුගල් බණ්‌ඩාර, දේවියෝ, පේරාදෙනි දේවියෝ, මැණික්‌ බණ්‌ඩාර දේවියෝ, බෝවල දේවියෝ, කළු බණ්‌ඩාර දේවියෝ මහ කොහෝඹා බණ්‌ඩාර දේවියෝ, කුඩා කෙහෝඹා දේවියෝ මීගහපිටියේ දේවියෝ, ගිලීමලේ දේවියෝ මීගහපිටියේ පුංචි අලුත් බණ්‌ඩාර දේවියෝ, ලෙස අදහන්නේ යක්‌ෂ ගෝත්‍රයට සම්බන්ධතාවක්‌ ඇති නිසා බවත් ශ්‍රී ලංකාවේ ආදිමවාසී ජන කොටස යක්‌ෂයන් බවත්, වැදි පෙළපතේ ආරම්භය යක්‌ෂයන්ගෙන් සිදුව ඇති බැවින් වර්තමාන වැදි ජනතාව මෙසේ යකුන් හා දේවියන් ලෙස ඇදහීමට පත්ව ඇත්තේ ඔවුගේ අතීත නෑ යක්‌ෂයන් හෙවත් මළ යක්‌ෂයන් බව පැහැදිලි වේ.


යක්‌ෂයන් හා දෙවියන් ඇදහීම ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම ශ්‍රී ලංකාවේ පැවැති ආගමික විශ්වාස වූ බව මහාවංසයේ තොරතුරු ඇති අතර යක්‌ෂයන් හා දේවියන් ලෙස ඇදහීමට ලක්‌ව ඇත්තේ බළන්ගොඩ මානවයාගෙන් පැවත එන අපේ ආදිමවාසී ජනයා බවත්, ඔවුන්ගෙන් මේ දක්‌වා නොයිඳුල් පැවත එන දේශීය ආදිවාසී ජනයා වූ වැද්දන් යකුන් හා දෙවියන් අදහන්නේ ඔවුන්ගේ මී මුත්තන්ට ගෞරව කිරීමක්‌ වශයෙනි. වන්නියලැත්තන් හෙවත් ඌව බින්තැන්නේ වැද්දන් කන්දේ යකා සහ මහ ලොකු කිරිඅම්මිල ඇත්තන් ලෙස කුවේණි යක්‌ෂණියට දොළ පුළුටු පිදේනි දීම සිදු කරන්නේ මේ නිසාය. කුවේණියගේ දරුවන් දෙදෙනා වූ (දීසාලා කැකුලි) දිපෙල්ලා කුවේණිය ඌව බින්තැන්නේ වැද්දන් අතරත් සබරගමු බින්තැන්නේ ජනතාව කුවේණියගේ පිරිමි දරුවා වූ (ජීවහත්ත කැකුලා) ජීවහත්ථ මහ සබරා හෙවත් සමන් දේවියන් ලෙස අදහන බව පැහැදිලි වේ. තවද ඌව බින්තැන්නේ කිරි කොරහ ශාන්ති කර්මය යක්‌ෂයන්ගෙන් ආරක්‌ෂාවීම සඳහා සිදුකරන අතර සබරගමු බින්තැන්නේ කිරි මඩු ශාන්තිය මංගර දෙවියන් වෙනුවෙන් සිදුකරනේ ගව පට්‌ටිවල අරක්‌ ගත් මංගර දේවියන් ගෙන් ආරක්‌ෂා කර ගැනීම සඳහාය. මෙම ශාන්ති කර්ම දෙක අතර දැඩි සමානතා ඇති නමුත් සබරගමු බින්තැන්නට අරක්‌ ගත් මංගර දේවියන් හා කිරි මඩු ශාන්තිය පවත් වන්නේ වැද්දන් හා සබරුන් බෙදීයැම නිසා බව පෙන්වා දිය හැකිය. ඒ අනුව පුලින්ද යනු වැද්දන් නොව සබරුන්ය. මුක්‌කරු, කන්පෙත්තන් හා නිට්‌ටෑවන් සබරුන්ට සම්බන්ධතා ඇති අනු ගෝත්‍රිකයන්ය. සබරගමුවේ ආදිවාසීන් වූයේ වැද්දන් නොව වැදි ගෝත්‍රයට සබඳතා ඇති සබරුන් බව පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මුලාශ්‍රවලට අනුවත් ජනශ්‍රැතිවලට අනුවත් පැහැදිලි වන කරුණකි.


දිවයිනේ මුල් පදිංචිකරුවන් වූ වැදි ජනයා සිංහල ජනයා සමග සහජීවනයෙන් මෙහි වර්ෂ දෙදහස්‌ පන්සියයකටත් වඩා වැඩි කාලයක්‌ වාසය කර ඇත. ඔවුන්ගේ පැරණි වාසභූමි ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ තන්තිරිමලේ, වන්නිහැලඹෑව, කටුකැලියාව, තිඹිරිවැව, රොටවැව, පුස්‌දිවුල්වැව, පොළොන්නරුව, අනුරාධපුර ප්‍රදේශ ඇතුළත් උතුරු මැද පළාත වේ. වර්තමානයේ වැදි ජනයා ජීවත් වන්නේ මහියංගනය, සොරබොර, දඹාන, කොටබකිනිය, මහඔය, පොල්ලේබැද්ද හේනේබැද්ද, සීතලවන්නිය, නුවරගල, හෙන්නානිගල, ඇත්බැද්දගල, රතුගල, නිල්ගල, දානිගල, දිඹුලාගල, බිංගොඩ, යක්‌කුරේ ප්‍රදේශ ඇතුළත් ඌව හා නැගෙනහිර පළාත් පමණි. වන්නියට හෙවත් මහවැදිරට ලෙස වර්තමානයේ මෙම ප්‍රදේශ හැඳින්වෙයි. එසේ වුවද සැබෑ වැදිරට හෙවත් මහ වන්නිය සබරගමුවයි. වන්නියලැත්තන් හෙවත් වැද්දන් යනුවෙන් හැඳින් වූයේ සබරගමුවේ ආදිවාසී වූ සබරුන්ය. මහ බින්තැන්න යනුවෙන් හැඳින් වූයේ මහියංගන, බින්තැන්න නොව සබරගමු මහ බින්තැන්න වෙයි. මහපෑලස්‌ස, බෙල්ලන්බැඳිපෑලැස්‌ස, බඹරපැලැස්‌ස, කහකුරුල්ලන් පැලැස්‌ස, සීනුග්ගල, කලවැල්ගල වැද්දාගල, කුකුලේගල, පොකුණුතැන්න ප්‍රදේශ අයත් වලව මධ්‍ය මිටියාවත වෙයි. ඌව සබරගමුව, දකුණු පළාත්වලට අයත් දොරවක කන්ද, පාහියංගල, බටදොඹලෙන, බටතොට ලෙන, උඩුපියන් ගලගේ අළුගල්ගේ, ලුණුගලගේ රාවණ ඇල්ල, ආදී වශයෙන් දැනට ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු එළිමහන් ප්‍රදේශවලත් මෙන්ම ගල්ලෙන්වලින් සොයා ගෙන තිබේ. එම ස්‌ථානවල ජීවත් වූ ප්‍රාථමික මානවයා අපේ ආදිවාසී සබරුන් හෙවත් පුලින්දයන්ගේ මුතුන් මිත්තන් බව පැහැදිලි වන කරුණකි. මේ අනුව ඌව බින්තැන්න ප්‍රදේශවල දැනට වාසය කරන්නේ වැද්දන් හෙවත් වන්නියලැත්තන්ය. එහෙත් සබරගමු බින්තැන්නේ වාසය කර ඇත්තේ සබරුන් හෙවත් පුලින්දයන්ය. වැද්දන් හා සබරුන් යනු එකම ගෝත්‍රික පිරිසකින් බෙදී ගිය කොටසක්‌ නොවේ. මහවැලි ගඟට ආසන්න යාබදව ඇති උස්‌ භූමි ප්‍රදේශවල (ඌව බින්තැන්න ප්‍රදේශයේ) මිනිස්‌ වාසයට සුදුසු ගල්ලෙන් (මාවරගල්ගේ පෝ-ජ උණු කිරිගල ගල්ගේ පොප්ජ, හෙන්නානිගල ගල්ගේ පොජ, කෑරගොඩ ගල්ගේ පො-ජ , කන්දේ ගල්ගේ පො-ජ, මහගල්ගොඩ ලෙන පො-ජ, කුට්‌ටිරියාගොඩ ගල්ගේ පො-ජ,) බොහෝ ඇතත් එම ස්‌ථාන වලින් ප්‍රාග් ඓතිහාසික මානව සාධක සොයා ගෙන නැත්තේ මන්ද? යන්න ප්‍රශ්නයකි. බළන්ගොඩ මානවයාගේ කායික හා සංස්‌කෘතික පරපුර වූ වැද්දන් මධ්‍ය උසබිම් භූමි කොටස්‌වල වාසය කොට තිබීම හා දැනටමත් නොකඩවා වාසය කිරීම නිසැකව ම පෙනෙන්නට තිබෙතත් ඔවුන්ගේ මී මුත්තන් ඉතිරි කර ගිය නෂ්ඨාවශේෂ තිබෙන්නේ කොහිද? වැදි පරපුර මහවැලි ගඟ මධ්‍ය ප්‍රදේශයට අලුතෙන් පැමිණියාහු ද? එසේ නම් බලන්ගොඩ මානවයාට මධ්‍ය වලව ප්‍රදේශය හා සබරගමුවේ ගල්ලෙන් අතහැර මේ ප්‍රදේශයේ පදිංචි වීමට කුමන පාරිසරික වූද, සංස්‌කෘතික වූද, බාධා පැමිණියේද? බළන්ගොඩ මිනිසා පිළිබඳ මේ ප්‍රදේශයෙන් පුරා විද්‍යාඥයන්ට ලබාගත හැකි නටබුන් ඉතා අඩු වූයේ ඔවුන්ගේ පදිංචි තාවකාලික වූ නිසාද? යන්න වශයෙන් නොවිසඳුණු ප්‍රශ්න රැසක්‌ ඇති බව ආචාර්ය එස්‌.යූ. දැරණියගල පෙන්වා දෙයි. එසේම බළන්ගොඩ මානවයා කායික වශයෙන් සමාන වනුයේ ලංකාවේ ජීවත්වන වැදි ජනතාවට බවත් වැද්දන් බළන්ගොඩ මානවයාගෙන් පැවත එද්දැයි යන්න කිසිදු සැකයක්‌ නොමැති බවත් බළන්ගොඩ සංස්‌කෘතියේ මෙන් දෙමවුපියන් හා දරුවන් ඇතුළු කුඩා පවුලක්‌ වශයෙන් ජීවත්වීමේ නැඹුරුතාවක්‌ මෑත කාලවල ජීවත් වූ වැදිජන කොටස්‌ අතර පැවැති බවත්, දැරණියගල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. (මහවැලි වංශය දෙවැනි වෙළුම, මේ අනුව බලන්ගොඩ මානවයා සහ වැද්දන් අතර හිඩසක්‌ ඇති වීමට හේතු කාරණා විමසා බැලීම වටී. සබරුන් ආදීම වාසී ස්‌වදේශික ජන කොටස බව සබරගමු පළාතේ සිදුකර ඇති ප්‍රාග් ඓතිහසික කැණීම් වලින් පැහැදිලි වේ. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව සාධක සොයාගෙන ඇති ස්‌ථාන අතරින් වැඩි තොරතුරු ප්‍රමාණයක්‌ සොයාගෙන ඇත්තේ තෙත් කලාපයෙනි. (ඇඳගම, 2003) එයිනුත් සබරගමු පළාතේ ගල් ලෙන් සුවිශේෂ වන අතර එළිමහන් ප්‍රදේශද ඇත. මෙයින් පැහැදිලි වන්නේ වැද්දන්ගේ මුල් වාස භූමි සබරගමු කඳු කලාපය බවයි. වැද්දන් කල වැද්දන් මුදුවැද්දන්, කේවුල් වැද්දන්, ගම් වැද්දන් හා දෙමළ වැද්දන් යනුවෙන් ප්‍රාදේශීය ව්‍යාප්තිය හා ජීවන රටාව අනුව වර්ගවාදී වැදි ජනයා හඳුන්වතත් ඔවුන්ගේ ජන්ම භූමි කලාපය සබරගමු ප්‍රදේශය බව පැහැදිලිය.


මෙසේ දහනමවන සියවස ඇරඹෙන තෙක්‌ ම දිවයිනේ උතුර, උතුරු මැද නැගෙනහිර, මධ්‍යම හා සබරගමු පළාත් වනාන්තරවල විසිරී පැවැති වැදි ජනාවාස බොහෝමයක්‌ මංමාවත් ගොඩ නැගීම, වැවිලි බෝග වගාවේ ව්‍යාප්තිය ගොවි ජනපද ව්‍යාපාර ඇරඹීම, ජනාවාසකරණය, නවීකරණය හා යුරෝපීය බලපෑම නිසා අද දින වැදි ජනාවාස “වැදි රටට” යෑයි හඳුන්වන ඌව බින්තැන්නට හා දිගාමඩුලු බින්තැන්නට සීමා වූවත් එදවස වැඩි ප්‍රමාණයක්‌ වැද්දන් වාසය කර ඇත්තේ සබරගමු කඳු කලාපයේ බව පැහැදිලි වෙයි. අද දවස වන විට ඔවුන්ගේ අනන්‍යතාව යම් ප්‍රමාණයකට ආරක්‌ෂාකර ගැනීමට වර්තමාන වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු ප්‍රාදේශීය වැදිනායකයන්ට හැකි වී ඇත්තේ කැලෑ පො-ජ යම් ප්‍රමාණයකට එම ප්‍රදේශයේ ආරක්‌ෂා වී ඇති නිසාය. කැලෑ පො-ජ නැති දවසට වැදි පො-ජත් වළ පො-ජට මං ගච්චනු නියතය.DSC02523