ප්‍රේමය

ධර්ම චක්‍රයක්

අල්තාරයක්

සිපිමින්
දෝලනය වන
කාලාවර්තය
ගෙනිය නොහැකි තරමි
සරල වු
සරලම සරල අවලම්භ

Advertisements

රහසේ

මං ඔයාගේන්

ඈත් වෙලා

ඈතට ඈතට
යන්නම යන්නමි
මට යන්න දෙන්න
මගේ පුංචි මතකය රදවාගෙන
මගේ අදුරු ලෝකයට
සඳ එළියක් වි
ඔබ සඳක් වගෙම
යන්න ගියා
මට ඉතිරි මතකයයි

අචල වු ආදරය

අචල වු ආදරය
දැස් දැහැන් අද්දරට
ගෙනවිත් හොර රහසේම
මා හට දුන් ජිවයය
ජිවිතයට පුරාවටට
රකින්නමි මා කැපවෙලා
ඉන්නමි මා හැමදාම
ඉන්ඳ්‍රකීලයක් විලාසෙන්
නිල් නෙතු අද්දර
සංසාරේ සැරි සරණා තෙක්
පිය මනින මාවතේ
කතරකට දිය පැන් ලෙස
තිමිරට ආලෝකයක්
ජිවිතයට නව පණක්
ගෙන දෙන්න වෙර දරණ
දයාබර ශක්තිය ඔබ මට
ජිවිතය පුරාවට

සංසාරගමනේ

සංසාරගමනේ ඇදි වෙහෙස
නවාතැන් සොයා තවත් අත්මයක
අහබුවෙන් මෙන් එකව මුණ ගැසුණු
මගියෙකි ඔබ හා මා ද එවැනිය
මහන්සිය නිවන්නට නැවතුනා ම්ස
නැවතුමක් නොව සදාකාලික
මග හැර යන දින නවාතැන්පොල
ඔබත් මමත් නොදනිම්
ඔබට පෙර මා යන්න යාවිද
මට කලින් ඔබ නික්ම යාවිද
ඔබ මා යලි හමු වෙද නොවෙද
ඔබට මට කිව හැකි ද ඒවග
මනුෂය ගතියට වැරදි වුවත්
සමා දෙනු හැකි දේව ගතියට
සංසාර ගමනේ එහෙනමි වෙන්ව යනදින
සමුගනිමු අපි සිත සතුටින්

කඩුපුල් මල් කැකුල

ලා හිරු දැක මල් කැකුල
නොයෙක් වර්ණයේන් පිපි
බිගුන්ට අත වැනුවම
මගේ යයි මා සිතුවත්
අන්සතු මලකි ඈ

ජිවිතය මං මුලාකල

හිරුට රහසින් පිපි
හිරු නොදැක පරවයන
මා නොපැතුව
කඩුපුල් මල් කැකුල
මගේ මයි හැමදා

සති අන්තය

සිහින එළි දැල්වෙන
රුගුමි මන්මත් වුණු
නුහුරු දෙනුවන් සති අන්තයේ
වත් සුනු සුවඳ ගල්වන
නිල් පැහැය දුහුල් සාටක
තොල් පෙති හැගුම් ඉවසා
අදුර සැගවෙන රගහල
ඇ ද ඔහු ද
පෙමින් උන්හැටි
සති අන්තයේ
එළවෙන රූයක ඉකිබ්ද
බොද වි
හැඩ වත්සුනු
දැතින් බැස
රගහල
ඇ ද ඔහු ද
පෙමින් සිටි වු සති අන්තයවේ

තොටියකුගේ දුක

මගේ අත් දෙක රිදෙන්නෙ ඔරුවම පැදලා
ඇග හිරි වැටෙන්නේ එක විදියට ඉදලා
මගේ බඩ රිදෙන්නේ කුසගිනි වැඩි කමට
මගේ හිත රිදෙන්නේ මගෙ හෙට ගැන හිතලා

කැලණි ගගේ ඔරු පැදගෙන යන කලට
මගේ නිවස සිහිවෙයි මට සැම විට
මෙහි සිටිනා අන් තොටියන් දකින විට
ඔවුන් විදින දුක එක ලෙස දැනෙයි මට

Previous Older Entries