සමාජය

මට හැගුණු දේ ඔයාලට දැනුන ද දන්නේ නැ.අපි මේ ජිවත් වෙලා හිටපු කාලේටඅපි කිදෙනෙකු අදුරු ගත්තද.අපිට අපේ ජිවිතයේ ඒ හමු වුනු අය මුළු ජිවිතයපුරාම ඉන්නවාද?නැනේද?අපේ ජිවිතයට අපු සමහරු අපිට එපා වුනා.එ නිසා ඒ අය

අපිව දාල ගියා.සමහරු අපිව එපා වෙලා ඒ අය යන්න ගියා.අපේ ජිවිතයට එන අය කෙටි කලක් පමණයි ඉන්නේ. අදටත් අපිත් එක්ක ජිවත් වෙන් සමහරු ප්‍රශ්ණයකදි උත්තර හොයන්න .එයාලගේ දුක කියන්න විතරයි.මේ මිනිස්සු අතරේ කොහෙම වුනත් හොද මිනිස්සු ටිකක් හරි ඉන්නවා.අපේ ප්‍රශ්ණ එයාලගේ වගේකරගෙන අපිට උදව් කරනවා.අපේ දුකේදි සැපේ දි අපිත් එක්ක හැමදාම ඉන්නවා.

අපි කොහොම වුනත් මේලෝකේ ජිවත් වෙන වෙන්නඔනිමේමිනිස්සුඑක්ක නේද?අපි මේ ලෝකේ මිනිස්සු ගැන තේරුමි අරගෙන ජිවත් වෙන්න ඔනි නැත්නම් අපිට මේ මුළු ලෝකේම සදහටම    එපාවෙලායව්.

කොහොම වුනත් මේ ලොකේ මිනිස්සු ගොඩක් වෙනස් අපි හිත තරම්සමාජ මිනිස්සුඅපිටආදරේකරන්නේනැහැමෝමවාසියට
විතරයි.ජිවිතේඅපිටගොඩක් අයඑකතුවේවි.එත් එ හැමෝම අපිව දාල යවි යන්න.මේ ලෝකේ ස්භාවය

පුංචි මල් පෙති

පිපුන සුවදැති රෝස මල්වල

සුවද වින්දට සමනලුන්

මලටත් මල් පෙති වලටත්

රිදුම් දෙන්නේ නැත ඔවුන්

පිපුන මල්වල සුවද ලොවටයි

දනියි ඒ බව සමනලුන්

සුවද විදිමින් මලට පැහැයක්

එක්කරයි පොඩි සමනලුන්

හමන මදනල සියුමි එ නමුත්

පෙති කැඩෙයි සැඩ සුලගකින්

මලට පැහැය එක් කලත් උන්

රකින්නට හැකිවේද ඉතින්

පුංචි මල් පෙති…………

ලංකික ශිෂයේ

ලංකිය තලයේ වැඩ කරන ජනයා තම වෘත්තිය අයිතින් දිනා ගැනිම සදහා විවිධ ව්‍යාපාර පිහිටුවාගෙන ඇත.අනෙක් දුක් විදින සරසවි බලාපොරෙත්තුව සඵල කරගත් දුක්විදින මාපියන් දු දරුවන් තම විශ්ෂවිද්‍යාල සිසුන්ගේ සිසු අයිතිය දිනා ගැනිමට ව්‍යාපාර පිහිටුවා ඇත.මෙම ශිෂ්‍ය ව්‍යාපර දේශපාලුවන්ගේ ඕනැ එපාකම් සපුරා දෙන කලාවේදින් වගේ දේශපාලකයන්ගේ අතකොලු නොවේ.ලංකිය ශිෂ්‍ය ව්‍යාපාරවලට දිගු අතිතයක් ඇත.ලංකාවේ අදුරු යුගයේ ලංකිය ශිෂ්‍ය ව්‍යාපාර බිහිවිය.එනම් 88-89භිෂණ සමයේ ශිෂ්‍ය අයිතිය සුරක්ෂිත කිරිමට හඩනැගු බුද්ධිමත් ශිෂ්‍ය නාකයින් එවක රාජ ත්‍රස්තවාදය විසින් සුන්කර දැම්වෙය.නමුත් මැර බලයේන් ශිෂ්‍ය ව්‍යාපාර පාලනය කල නොහැකි විය.

ජිවිතය කැප කොට ශිෂ්‍ය අයිතින් රැකදුන් ශිෂ්‍ය නායකයින් අද ශිෂ්‍ය ප්‍රජාව තුල ගෞරවයට පත්‍රවේ.එවැනි ශිෂ්‍ය ව්‍යාපාර විරයන් බවට පත්වුයේ තම සුඛවිවරණය වෙනුවෙන් රජ මැදුරු දංකුඩ කන්න ගොස් වටිනා තම ජිවිතය පුජා කිරිම නිසා නොව ඔවුන් නුපන් මතු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයක් විශ්ෂවිද්‍යාලය පද්ධතිය අරක්ෂා කිරිමට ගොස් ජිවිතය පරිත්‍යාග කළ හෙයිනි.

සදාතනික ආදරය

රෝමියේ ජුලියට්
තම සැබැවු සත්‍ය ප්‍රේමය උදෙසා
දිවිද පිදුවා
ෂා ජෙහාන් රජු
සදාතනික ආදරය පිහිටුවා
මුමිෂ්ටා මාලිගය ඉදිකෙරුවාද
සැබැ ආදරය පවතින්නේ
ජිවිතයේ යහපත සතුට උදෙසා
අවංක පරිත්‍යාගයක් කළ හැකි
පුද්ගලයෙකු ළග පමණි ….

ජිවිතය

ජිවිතය අභියෝගයකි.මෙම අභියෝගයට මුහුණ දෙන්නෝද අභියෝගයෙන් පලා යන්නෝද මග හැර යන්නෝද අද බොහේ ඇත.නමුත් ජිවත් විම යනු ජිවිතයට මුහුණ දිම. ජිවිතයට මුහුණ දිමට නොහැකි වි ඇත්තේ ඇයි.ජිවිතය අභියෝගයට මුහුණ දිමට අවශ්‍ය ශක්තිය අප තුල නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය හැකියවන් අප තුළ නොමැති බැවින්. ඒ සදහා අවශ්‍ය හැකියාවන් කුසලතාවන් අප වර්ධනය කර ගත යුතු මුලික කුසලතාවන් මොනවාද?පළමුව අපිට නිවැරදි චරියාවන් ඇති විය යුතුය.

අපි කවුරුවත් (ලෝකෝත්තර නෙවු)පරිපුර්ණ අය නොවෙති.හොදම පමණක් ඇති නරක පමණක් ඇති අය නොවෙති.දෙකේහිම මිශ්‍රණ්‍යක්ය.එහෙත් සුවිශේෂ නැබුරුවක්/ගති ලක්ෂණ හෝ පුරුදු ඇති වු මිනිසුන්ද ඇත.කිසිවෙකුගේ ජිවිතය සදාකල්හි සැප පිණිස හෝ දුක පිණිස නොපවති .වඩා වැදගත් වන්නේ උපත හෝ මරණය නොවේ.උපත කෙසේ සිදුවේදැයි  නොදන්නේමු.මරණය කෙලෙස ,කෙතැන ,කවදා සිදුවේදැයි නොදන්නේමු.ජිවත් වන කාලය හෙවත් ජිවිතය සමිපතයි.ජිවත් වන්නට හැම මොහොතක්ම ජිවත් කරන්නට උත්සුක විය යුතුය.

ඔයාගේ වගකිමි ඔයා භාරගන්න කාලයට, විශ්වයට, කර්මයට හෝ දෙවියන් වහන්සේට ප්‍රශ්න විසදා දෙන ලෙස බාර කරන්නට බෑරෑරුම් බොහේ අවස්ථාවල අපි උත්සාහ කරනවා නේද? එහෙත් ඔයාගේ ප්‍රශ්නය ඔයා භාරගන්න.ඔයාට මුහුණ පැමට සිදුවන්නේ කිසිදු දෙයකට වගකිව යුතු කිසිවෙකු නැත.එය ඔයාගේ චරියාවේ ප්‍රථිඵලයක්ය.

(බුදුන් වහන්සේ ජේසු වහන්සේත් සපල ආකාරයෙන් ඵල නෙලා ගැනිම ගැන දෙසුහ)ඔබ යනු කවරෙක්ද?ඇසුවිට ඔයා ඔයාගේ ඵලයක්. ඔයාට අනුන්ට බලපැම් කළ හැකිය.ඔයාගේ චර්යාව වෙනස් කිරිමට ඔයාට ඕනැ ලෙස ඉඩ දුන්නේත් විතරයි.එහෙයින් යක්ෂ හෝ දෙවියන් වහන්සේ මේ ලොව අපාය හෝ ස්වර්ගය ඔබේම සිත හා සිතුවිලි වෙසෙයි.ඔයාට වෙනස් විමට  අවශ්‍ය නම් පාලකයා ඔබම වන්න .බාහිරින් ඔයාට බලපැම් කරන්නා වු කිසිදු බලවේගයක් ඔස්සේ එන්නා වු කිසිවෙකුට පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

සිනහව

ම්………ජිවත් වෙන සමාජය කොහෙමද.අවට වට පිටාව ලස්සන ද.මිනිස්සුන්ගේ හැසිරිම.අපි ජිවත් වුණාට අනුන්ගේ ඔපාදුප සොයා බැලුවාට අපි අහල පහල අයගේ සැප දුක සොයන්නේ නැනේද?දුක සැප බලන්න ගියත් හිනා වෙන්න බලාගෙන නේද යන්නේ .

ඇයි අපි අපේම අනිත් අයගේ අඩුපාඩු ඉදිරියේ කෙලින් හිටගෙන හිනා වෙන්නේ .අපි අපේම වැරදි ඉස්සරහා කොහෙම හිනාවේවි ද සිතා බැලුවද? අපි සියලු දෙනාම එක විදියට ඉපදිලා තියෙන්නේ.මව් කුසේන් පෙකිනි වැළ කඩාගෙන් නේද?ඇයි අපිට අපි හැමෝම එක වගේ මිනිස්සු කියලා ජිවත් වෙන් බැරි.

මිනිස්සු අතින් අඩඅපාඩු වෙන්නේ .ඔයා එක දැක්ක නම් එක කියලා දෙන්න පුරුදු වෙන්න ඔනි.අපි කවදාද අනිත් අයගේ සුභ සෙත පතා හිතලා වැඩක් කරන්නේ එහෙම කරන්න අද රටෙ ඉතිරි වෙලා ඉන්නේ නිය තුඩක් තරම් මිනිසුන් ප්‍රමණයක් විතරයි නේද?

අනුන්ගේ දුක දැකලා, අඩුපාඩු දැකලා නම් ඔබ සිනාවේන්නේ  කිසි දිනයක ඔබ සිනාසෙන්න එපා.

ඔබ සිනාසෙන්නේ ඔබේ හදවතේ ඇති වු අවංක අශිර්වාදයක් සමගනම් සැමදා සිනා වෙන්න .

විරහව ……….

මග තොට දි සිනාසුණු
මග තොට දි කතා කළ
ගතින් වෙන් වුණු සිතින්
සිතින් ලංවුණු
ආදරෙන් පෙමි කළ
ඒ සොදුරු කාලය
වෙනස් විමත්
එක්ක මං සදහට තනිවුණා
මතක් කරන්න
අතිතය දුර ගියත්
හිත හදාගන්න හැකි වේව්ද
අතිතය අමතකර ඔබට……..

Previous Older Entries