සුභ වෙසක් දිනක් වේවා!

Advertisements

ආදරණිය තාත්තේ

ආදරණිය තාත්තේ ……..

දහසක් බලාපොරොත්තු

හිතේ තියාන දරණ දුක

මට දැනේනවා තාත්තේ

පුංචි කාලේ

මගේ පුංචි ඇඩිල්ලටත්

මං කරේ තියාන අමිමාට

කලින් දිවිවේ ඔයා

මට තියෙන ආදරේට නේද ………

පෝයදාට පන්සල් ගියත්

ඔයා වෙනුවෙන්

එක දවසක් පන්සල් ගියාද…..

මං වෙනුවෙන්

මගේ අනාගතය වෙනුවෙන්

කොයි තරනම් භාර හාර වෙන්න ඇද්ද…

දැවැන්තයෙක් සේ

මගේ පිටුපස ඉදන්

ඔයාගේ බලාපොරොත්තු

මං ඉෂ්ඨ කරන කොට

තාත්තේ ඔයා කොහේම

සතුටු වේවිද…….

කවදා හෝ……….

කවදා හෝ

ආයේ අපේ සංසාරේ

ඔබේ දැස් සිනහවෙන්

සැදි යා නම්

ඔබේ දගකාරකම්

නැවත දකින්නට….

දිනය යලි එනතුරා….

හිදින්නෙමි මා බලාන….

ගල් බැම්ම උඩ වාඩිවෙලා

මුහුදට යන රළ ‍

ආයෙත් ගොඩට ඇදෙද්දි

මුහුදේ ගිය ඔබ තාමත්

ගෙදර ආවේ නෑ

මගේ අප්පච්චි

මං ගල් බැම්ම උඩ වාඩිවෙලා

අප්පච්චියෙ ඔබ එනතුරැ

ඇගිලි ගනින්නේ

කවදාදෝ ඔබ ආයෙත්

ගෙදරට එන්නේ



සිතින් නොබැදෙන මිතුරන් කුමටද ?

ඕනැම දෙයක් ගැන තමන් තරමට තමන්ගේ යහළු යෙහෙලියන් කරැණු කටයුතු නොදන්නා යැයි සිතා සිටිම තරම් තවත් අණුවනකම නිසා ඔබ ඔබට යමක් නැති වන වග ඔබට නොදැනෙයි .එය එසේ සිදුවන බවක් වත් එබට නොදැනෙයි.

මේ ඔයා දන්නේ නැ ඉන්නකො මං කියන්නම්……..
ඒක එහෙම නොවෙයි….ඉන්නකො මං කියන්න
අයියෝ ඔහෙම නොවෙයි ඉන්න මං කරන්න
අපේ ගෙදර කරන්නේ ඔහෙම නොවේයි….ඉන්න මං අපි කරන විදිය කියන්න.

ඔබ මෙවැනි කතා කොචිච්ර අසා ඇද්ද? පාසල් කාලේ දි නම් මහා පණ්ඩිතයා කියලා ඔච්චාම් කරලා නවතිනවා.එත් මේ ගති දිගටම අරගෙන යන කොට මිතුරැකමට කවුරැ කැමැති වේව්ද?

ඔබ කිසිවකුට කැමැති නැති දෙයක් එ තැන ඒ සිදුවන්නේ තමන් හැම දෙම දන්නා බව කියන විට ඊට යටින් ඇති තේරැම කුමක්ද?අනිකා කිසිවක් නොදන්නා බව තේරැමි ගත යුතුය.එලෙස ආත්මය කඩා බිද වැටෙන තැන මතුවන ලැජ්ජාව සිතට සියුම් තරහක් ගෙන එයි.සෙමින් එය කලකිරිමකට පත්වේ.ඔබ යමක් නැතිවන වන ඔබට නොදැනෙයි.එත් ඔබට ඔබගේ මිතුරන් නැති වන්නේ සෙමින්ය.ඔහුන් එබ සමග අමනාප නොවෙයැයි සිතනු ඇත.එහෙත් ඔබගේ හිතමිතුරන් ඔබගේන් ඇත්ව ගොස් ඇත.

ඔහුන් ඔබ සමග කතා කරති.එකට සිටිති.එහෙත් සිතින් නොබැදෙන මිතුරන් කුමටද?කුමක් ඔබ සිතට ගතයුතු ද?කිසිවෙකු තමා දෙවැනි කොට සලකනවාට කැමැති නැත යම් යම් කාරණා ගැන නොතේරැමි ඇත්තකු ලෙස සලකනවාට කැමැති නැත.

ඒකත් මහ පුදුම කතාවක්නේ ඇත්ත කතා කිරිම වැරැද්දක්ද?ඔබ ඒසේ අසති. ඔබ ඔබේම ලෝකය නොහදුනයි .ඇත්ත කතා කිරිමේ වැරදිවන තැන් බොහොම .ඇත්ත දැක නිහඩ වන්නන් වැඩි වන්නේ ඒය නිසාය. ලෝකය දිනෙන් දින ආගධයට යන්නේ එනිසාය.

මෙතන ඇත්තේ එ වැනි ඇත්තක් පිලිබද කතාවක් නොවේ.කෙනෙකුට ආත්ම අභිමානය පිලිබද කතාවහි තමා පහත් කොට සලකනවාට නුබ කැමැති නැතුවා සේම අනෙකාද?තමන් පහත් කොට සලකනවාට කැමැති නැත.එසේ කිරිම සුදුසු නැත.

මිතුදමි මිරිගුව……..

අපි අපේම සිත අසල තනිවුනා
මිතුදමේ නිම්තෙර අද්දර
දෙනත් වලින් දොඩමළු වි
එදා මැවු හැම සිහිනෙයක්ම
කදුළක් කර…….
මිතුදම නුබ මිරිගුව දෙසට ගියද
පත්ඉරු මත…….
තවම ලියමි……
අපි අපේ ගැන…
අපේ සොදුරු…..
මිතුදම ගැන….

එනවා ද මා එක්ක………

නිදහස් මං මවතේ

ප්‍රිතියෙන් තටු සලන

කුරැල්ලනේ නුබලා

සුමුදු මුදු තණ පලසේ

සෙමින් සෙමින්පා තබන

සාවුනේ නුබලාත්

තෙරක් නොපෙනෙන සංසාරේ

එනවා ද මා එක්ක………