සංසාරේ

සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනි‍සේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි

Advertisements

තාවකාලික මිතුදම

කොහෙමද ජිවිතය .නිවාඩුව තිබුනත් ලැබි එකට එන්න ලැබුනා .ගිය නිවාඩුව මාරයි කියුවට මාරයි මෙකද අපේ පංතියේ ළමයි ටික ලැබි එකේ හිටියා.එත් පෘථිවිය කැරකෙනවා දවසින් දවස ගතවෙනවා ඉතිං අද කරන දේ නොවෙයි හෙට කරන්නේ කියන්නේ .අපිට අද හමුවන අයනොවෙයි හෙට හමුවන්නේ .අද අපි ලගින් ඉන්න් අය හෙට අපිව දාලා යනවා .එලෝකේ හැටි මිතුදමත් එහෙමයි එත් සැබැ මිතුදම සදාකාලිකයි .මට හමුවුනා ගිය නිවාඩුවට හරිම හොද යාළුවෙක් එත් දැන් එයා ලෝකය කැරකෙනවා වාගේ ඇතට ගිහිල්ලා

මිතුදමි කිරැල දරා
අපි ඔබ හමුවෙන්න ඇති
ගවි ගණනක් දුර ගෙවා
ආව මිසක
පාරක් තෙටක් හරි හැටි
නොහදුනමි මා
දෛවය රැදුරැ
අණසකට නතුව
ඔබ අපේන්
වෙන්ව යායුතුව
ඇත හෙට දින
එහෙත් සබද ආපසු හැරි
කොයි අත යන්නට දැයි
නොදන්නෙමි මා

මතකය

ජිවිතේ සුන්දර කාළය පාසල් කාළය. මේ දවස්ලව ඉස්කෝලේ නිවාඩු නිසා ලැබ් එකට එන්න බැරි වුනා.මේ දවස්වල ගෙදර ඉදලා එපා වෙලා .නිවාඩු දුන්නාම තමයි ඉස්කෝලේ නැති පාඩුව දැනුනේ .මං මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න කොට මට හිතුනා ගිය අවුරුදුවල පොත් දිහ බැලුවා .මගේ සටහන් පොත්ලව දැක්කාම මට පොත බලන්න හිතුනා.පොතේ අන්තිම පිටුවෙ පුංචි මතක සැමරුමක් තිබුණා මං කියවලා බැලුවා

මකුලු දැල් රහල බැදුණු
මතක සුවද සුගන්ධවත් කළ
දුවිලිතැවරුණු රක්කයක් මත
අපිලිවලට ගොඩ ගැසුණු
බාල කඩදාසි ගෙනුවක
කුරුටු ගැ සිතුවිලි ගොණුව
සටහන් පොතක් තුල සැගවි
ඉදහිට  දවසක
ඔබෙ මතකයෙ
පොත් මේසය තුල පෙළගැසුණු
ඔබේ විසල් පොත් පිංචේ
නිමක් නැති ඉමක
කෙලවර හගිස්වන්නට
ඔබේ මතක සැමරුම
විය සිදුරක් විය

පිය සෙනෙහය

ප්‍රේමය

ධර්ම චක්‍රයක්

අල්තාරයක්

සිපිමින්
දෝලනය වන
කාලාවර්තය
ගෙනිය නොහැකි තරමි
සරල වු
සරලම සරල අවලම්භ

රහසේ

මං ඔයාගේන්

ඈත් වෙලා

ඈතට ඈතට
යන්නම යන්නමි
මට යන්න දෙන්න
මගේ පුංචි මතකය රදවාගෙන
මගේ අදුරු ලෝකයට
සඳ එළියක් වි
ඔබ සඳක් වගෙම
යන්න ගියා
මට ඉතිරි මතකයයි

අචල වු ආදරය

අචල වු ආදරය
දැස් දැහැන් අද්දරට
ගෙනවිත් හොර රහසේම
මා හට දුන් ජිවයය
ජිවිතයට පුරාවටට
රකින්නමි මා කැපවෙලා
ඉන්නමි මා හැමදාම
ඉන්ඳ්‍රකීලයක් විලාසෙන්
නිල් නෙතු අද්දර
සංසාරේ සැරි සරණා තෙක්
පිය මනින මාවතේ
කතරකට දිය පැන් ලෙස
තිමිරට ආලෝකයක්
ජිවිතයට නව පණක්
ගෙන දෙන්න වෙර දරණ
දයාබර ශක්තිය ඔබ මට
ජිවිතය පුරාවට

Previous Older Entries