හිමි නොවන ජිවිතේ 05

අද විද්‍යාව මිස් නෑ.කියලා චතුනි ඇවිත් පංතියට කිව්වා.
මරුම තමයි මං හයියෙන්නම කැ ගැහුවා.

අංජනා අනිත් පංතිවල උගනන්න ඔනි.වඩි වෙනවා කට වාහගෙන.එහා පංතියේ හිටපු මිස් කැගැහුවේය.

මං පංතියේ පිටි පස්සේ පෙලියට ගිහින් වාඩි වුනා.

මං පස්සේ පෙලියේ වඩිවේලා යළුවන් එක්ක කතා කර කර ඉන්න කොට එක පාරට මං ගාවට කොළ ගුලියක් ආවා.

කවුද අනේ මේ කියලා
මං කොළය දිග ඇරලා බැලුවා.එකේ තිබුණු අකුරු ගීත්ගේ ” මොනවද අර දිනිති දාගෙන ලියන්නේ කියලා” මං එතකොට දන්නේ එයා කලබලේට මෙනවාද ලියනවා.මං දිනිති ගාවට ගියා.
මොනවද ඔයා ලියන්නේ කියලා මං ඇහුවා.

කසුන් අයියාට ලියුමක්.ඇයි අහන්නේදිනිති මගෙන් ඇහුවේය.
ඔයාට අපි කිව්වා නේද?
එයාගේ විස්තර.එයා වාසනා කියලා කෙනෙක් එක්ක යාලුයි.ඔයාට කියන්නේ බොරු තේරුම් ගන්න.

මේ අංජනා මට කාතාන්දර කියන්න එපා හරිද?කසුන් අයියා වාසනා එක්ක යාලු නම් මට ආදරේ කරයිද?

දිනිති ආදරේ දේවාලයක් වුනාට දේවාලෙට වඩින හැමෝම දෙවියන් නෙවේයි නේද?

ඔයා බණ කියන්න මං පිලි පදින්නෑ.ඔයාල කියන්නේ බොරු හරිද?

ඒ කියන්නේ ඔයාට අපිට වඩා කසුන් අයියා විශ්වාසයි නේද?

ඔව්.ඔයාල කියන්නේ බොරැ නේද? දිනිති එ‍හෙම කිවේය.
හරි ඔයා කසුන් අයියා විශ්වාස කරලා බලන්න අපි දැන් හොද යාලුවෝ නොමේයි නේද?

මං දිනිති හිටිය තැනින් නැගිට ගියේ ඉරිදා පංති එන්න කියාය.

හිමි නොවන ජිවිතේ 03

මං හා දිනිතිද  house පැත්තට ගියේය.ගීත්ද  house සිටියේය.අංජනා සුභ ආරංචියක් කියන්න තියේනවා.

මොකක්ද ගීත්?

අපේ house හොදම  house තේරිලා.මරුනේ.දිතිනි දන්න පහක් සතුටටත් එක්කම මං කියුවේය.

ගීත් කෝ කසුන් අයියා.දිනිති ගීත්ගෙන් ඇසුවේය.උදේ දැක්කට පස්සේ දැක්කේ නැ දිනිති.

*         *           *         *         *

අර එන්නේ කසුන් අයියා දිනිති සතුටින් කිවේය.

කසුන් අයියේ කියන්න සුභ ආරංචියක් තියෙනවා ගීත් කියුවේය.

මටත් මල්ලිට තැග්ගක් දෙන්න තියෙනවා.මට කරන උදව් වලට

යමුකෝ ඔයාලගේ පංතිය පැත්තට.කසුන් අයියා සහ ගිත් අපේ පංතිය පැත්තට ගියේය.

අවා විතරයි කසුන් අයියා ඇදගෙන ගීත් ගියානේ.දිනිති තරහයින් කිවේය.

අංජනා ඔයා හිමින් ගිහින් බලන්න කසුන් අයියා මොනවද කරන්නේ කියලා. හරි දිනිති මං ගිහිනි එන්නම්.

මටත් උවමනාව තිබුණේ කසුන් අයියා ගීත්ව අපේ පංතිය පැත්තට එක්කගෙන ගියේ ඇයි කියලා බලන්න යන්නය.

*          *           *           *

මේ ගීත් තමුසේ උඩ පනිනවා වැඩි හරිද?මගේ වැඩේ කරන්න දුන්නේ නැත්තම් මං බලා ගන්නම්.කසුන් අයියා ගීත්ට කිවේය.

ඇයි ඉඩ දුන්නේ නැත්තම් මොනවා කරන්නද?තමුසේ මට.ගීත් කසුන් අයියා ගෙන් ඇසුවේය.

කරනදෙ මං කරන්නේ උබට තවත් මේ ඉස්කෝලේ එන්න බැරි වෙන්න.එන්න ඔනිනම් උබේ ඔය කට පරිස්සම් කරගන්නවේ.කසුන් අයියා ගීත්ට කිවේය.

කසුන් අයියේ නවත්තන්න.ඔයාලා දෙන්නා රණ්ඩුවේන් එපා.මං දෙන්නාගෙ රණ්ඩුව නැවැත්තුවේය.

අංජනා ගීත්ට කියන්න ඔනි නැති දෙවල් හොයන් එපා කියලා කසුන් අයියා කිවේය.

ගීත් මෙහේ එන්න මං ගීත් ඇදගෙන ආවේය.මොනවාද වුනේ ගීත් ඔයාල දෙන්නට රණ්ඩු වෙන්න.මං ගිත් ගෙන් ඇසුවේය.

දිනිතිට කතා කරන්න එපා කියුවේ මං කියලා එයා හිතන් ඉන්නේ.මං එක්ක කසුන් අයියා රණ්ඩුවට ආවා.මං කතා කරන්න එපා කියුවේ ඔයාට විතරයි.කසුන් අයියා බය වෙලා මං එයාගේ විස්තර දිනිතිට කියායි කියලා.

අපි යමු ගීත් house එකට.මං ගිත් එක්ක house පැත්තට ගියේය.house ඇතුලේ කසුන් අයියා සහ දිනිති කතා කරමින් සිටියේය.

දිනිති මං හා ගීත් දැක ඉක්මනට අපි සිටිය තැනට ආවේය.

ගිත් දිනිති මග හැර house එළියට ගියේය

හිමි නොවන ජිවිතේ 01

අංජනා ඇයි අවේ නැත්තේ ඊයේ.දිනිති මං නැගිටින කොට උදේ ඉස්කෝලේ එන්න වේලාවක් තිබුණේ නෑ. එ නිසා එන්න බැරි වුණේ.
දන්නවාද අද ඉදලා උදේට band  පුරුදු කරනවා කියලා ඊයේ මට චතුනි කිව්වා.ඔයා දන්නේ නැද්ද? නැනේ මං ගිහින් බලලා එන්නමි දිනිති.නැත්තමි උදේම මිස් බණිවි.
*      *           *        *        *
good morning මිස් ඇයි අංජනා ඊයේ ආවේ නැත්තේ?ඉක්මනට ගිහින් instruments අරගෙන පුරුදු වෙන්න.තව ටික දවසයි අපිට තියෙන්නේ.

මං  instruments අරගෙන පුරුදු විය.විනාඩි 20 පමණ පාසල් ආරම්භක සිනුව නාද විය.මා instruments පැත්තකින් තබා ආගම සිහිකර මාගේ instruments අල්මාරියට දමා, මා පංතියට ගියේය.පංතියේ මාගේ යාළුවන් කවුරුත් ඇවිත් සිටියි.

මේ අපි යමුද අපේ house හදන පැත්තට.දිනිති ඇසුවේය.අදිශිෂ්‍ය සංගමේ අයියලා අක්කලා හදනවානේ අපි මොනවටද යන්නේ අපි යමු.දිනිති මා ඇදගෙන ගියේය.

ආ…නංගි ඇයි මේ පැත්තේ.
කසුන් අයියා අපි දෙන්නා ගෙන් ඇසුවේය.
එන්න හොද නැද්ද?අපි එන්න එයා ගෙන් අවසර ගන්න ඔනිද?

නැනේ නංගියෝ කසුන් අයියා කියුවේය.
එහෙනම් ඇහුවේ.පාඩුවේ වැඩක් කරනවා.ඔනි නැති දෙවල් හොයන්නේ නැතුව දිනිති ගත් කටටම කසුන් අයියාට කිවේය.

මේ නංගි තමුසේගෙ කට වැඩි හරිද?ඇයි ඔයා එකට මොනවා කරන්නද?අපි බලාගමු පස්සේ කසුන් අයියා කිවේය.

ගල් බැම්ම උඩ වාඩිවෙලා

මුහුදට යන රළ ‍

ආයෙත් ගොඩට ඇදෙද්දි

මුහුදේ ගිය ඔබ තාමත්

ගෙදර ආවේ නෑ

මගේ අප්පච්චි

මං ගල් බැම්ම උඩ වාඩිවෙලා

අප්පච්චියෙ ඔබ එනතුරැ

ඇගිලි ගනින්නේ

කවදාදෝ ඔබ ආයෙත්

ගෙදරට එන්නේ



මිතුදමි මිරිගුව……..

අපි අපේම සිත අසල තනිවුනා
මිතුදමේ නිම්තෙර අද්දර
දෙනත් වලින් දොඩමළු වි
එදා මැවු හැම සිහිනෙයක්ම
කදුළක් කර…….
මිතුදම නුබ මිරිගුව දෙසට ගියද
පත්ඉරු මත…….
තවම ලියමි……
අපි අපේ ගැන…
අපේ සොදුරු…..
මිතුදම ගැන….

එනවා ද මා එක්ක………

නිදහස් මං මවතේ

ප්‍රිතියෙන් තටු සලන

කුරැල්ලනේ නුබලා

සුමුදු මුදු තණ පලසේ

සෙමින් සෙමින්පා තබන

සාවුනේ නුබලාත්

තෙරක් නොපෙනෙන සංසාරේ

එනවා ද මා එක්ක………

අභිමානය පතුරමු

ඔබ යමක් සොදුරැ කෝණයෙන් බලන්නේද ඔබේ සිතට සහනය ප්‍රබෝධය ඇතිවේ. ඔබ ලෝකය දෙස බලන කෝණයෙන් ඔබට ලෝකය පෙනෙයි. අපිට ලෝකය දෙස යථාර්තව දැකිමට අවශ්‍ය නමි අපි අවර්ණ වු කෝණයකින් ලෝකය දෙස බැලිය යුතුය. ලෝකය බිහි වි ඇත්තේ මවගේ මව් කිරේන් හා හිරැගේ රශ්මියෙන් කියා ලෝක ප්‍රසිද්ධ මැකිසි ගෝර්කි නමි ලේඛකයා පන්හිදෙන පත් ඉරැ වේ කටු ගා ඇත. එය යතාර්ථවත් ලෝකය නිර්මාණය වන අග්‍ර ඵලයයි.

අද දියුණු වන ලෝකයේ බොහේ දෙනාගේ මතය සදාචරය. මනුස්සකම. සමුහිකත්වය. පරදවා මුදල් ඔටුණු පැළද ඇති බවයි. බොහේ දෙනාගේ තර්කය අපි මේ පිලිබද තාර්ක කරනවා මිස මෙය අවසන් කිරිමට උත්සාහ නොකරන්නේ මං ද. සියල්ලෝම නොපවතින සමාජ රාමුවක් තුල මා ඔබ වැනි සරල චරිත සමාජ භුමිකාවේ සිට දනපති පංතිය නියෝජනය කරනවා පමණි.

ධනපති පංති මතවාද නගාසිටු වන්නට වෙහෙසෙන පිරිසක් අප රටේ ඇත. ඔවුන් අරමුණු ධනය බලය මිස රටට ආදරය කිරිම නොව. තමගේ බලය නිලය පමණි. ස්භාවදහමට ආදරය කරන්නාට කිසිදාක ස්භාවදහම අවැඩක් සිදු නොකරයි. සමස්ත සමාජය තුල දැනුම ,පෝෂණය, සක්ෂරතාව අතින් අප දුප්පත් නැත අපි ලෝකයාට වෛර නොකර ලෝකයට වටිනා බොහේ දේ දෙන්නට සුදානම් විය යුතුය.

Previous Older Entries